විවිධ කතිකාවත් නිර්මාණය වෙමින් තිබේ. එහෙත් ජාතික වශයෙන් වැදගත් වූ ජාතියට ඉදිරි මඟ කියාදිය හැකි සැබෑ ජාතික කතිකාවතක් මෙතෙක් ගැඹුරු ලෙස සංවාදයකට පාත‍්‍ර වී නොමැත. තිස් වසරක ත‍්‍රස්තවාදය පරාජය කළ ද එහි විපුල ඵලය රටට හා ජාතියට ලබාදීමට තවමත් අසමත් වී ඇත. එවන් තත්ත්වයක් තුළ පාලකයින් තීරණ තීන්දු ගැනීමේදී හිස අහිමි කවන්ධයක් සේ ක‍්‍රියා කරන පසුබිමක ජාතියට අහිමි වූ එහි සැබෑ ෙඓතිහාසික උරුමය හා ඉදිරි ගමන පිළිබඳව ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ මැයෙන් රචිත කෘතිය මගින් මේ මොහොතේ අත්‍යවශ්‍යම ජාතියට ඉදිරි මඟ කියා දිය හැකි කතිකාවතක් නිර්මාණය කර තිබේ. මේ එම කෘතිය පුද ලැබූ අමරපුර ශ‍්‍රී සද්ධර්ම වංශික නිකායේ අනුශාසක, රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද නාහිමියන් සමග එම කෘතිය සම්බන්ධයෙන් හා කාලීන වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මුරගල කරන ලද සම්මුඛ සාකච්ඡුාවකි.
ගුණදාස අමරසේකර සාහිත්‍ය සූරීන් විසින් ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ නම් ඔහුගේ නවතම නිබන්ධය පසුගිය දා එළි දක්වනු ලැබුවා. මේ ග‍්‍රන්ථය අපගේ වත්මන් සමාජයට වැදගත් වන්නේ කෙලෙසද?
මේ කෘතිය අපි අධ්‍යයනය කරන විට අපට හොඳින් පෙනෙනවා, අමරසේකර සූරීන් තමන් කාලයක් තිස්සේ ඉදිරිපත් කරපු අදහස සංවිධිත විදියට මෙමගින් ඉදිරිපත් කරන බව. ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ කෘතියෙන් ඔහු පෙන්වා දෙනවා, අපේ රටේ ජාතික නායකත්වයන් විසින් හිසක් නොමැතිව ශරීරයෙන් පමණක් ක‍්‍රියා කරපු ආකාරය වගේම ඒ මගින් රට මුහුණ දී ඇති මහා ව්‍යසනය පිළිබඳව. ඒ වගේම එමගින් ගැලවීම උදෙසා ජාතික නායකත්වය විසින් හා රටේ පුරවැසියා විසින් ගත යුතු ක‍්‍රියාමාර්ගයන් පිළිබඳවත් අමරසේකර සූරීන් මෙහිදී සිහිපත් කරනවා. මෙහිදී ‘‘බුදු සමය සහ බෞද්ධ සභ්‍යත්වය’’ පිළිබඳව කරපු විග‍්‍රහය අරගෙන බැලූවොත් එතුමාගේ දර්ශනයේ පැතිකඩ මනාව හඳුනාගන්න පුළුවන්. මෙතනදී ඉතාමත් වැදගත් කරුණක් තමයි අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව අමරසේකර සූරීන්ගේ විග‍්‍රහය. ධර්මපාලතුමා පිළිබඳව නිවැරදිම විග‍්‍රහය පළමුවරට ජාතියට ඉදිරිපත් කළේ ඔහු බවයි, මගේ හැ`ගීම. සමාජය ධර්මපාලතුමා පිළිබඳව නොදැකපු කාරණා දකින්නට එතුමා සමත් වුණා. ඒ වගේම මෙතනදී අශෝක අධිරාජ්‍යයා පිළිබඳව කරන විග‍්‍රහයත් අපට ඉතාම වැදගත්. අශෝක රජු අධිරාජ්‍යයෙක් විදියට නම් කළාට අපි මේ දකින වර්තමාන අධිරාජ්‍යවාදී ස්වරූපයකින් නෙමෙයි ඔහු ක‍්‍රියා කළේ. ධාර්මිකත්වය පදනම් කරගෙන තමයි ඔහුගේ දැක්ම ගොඩනැගුනේ. එය කොතරම්ද කිවහොත් අශෝක රජු තමන් බෞද්ධයෙක් කියලාවත් පෙනී සිටියෙ නැහැ. ඔහු පිළිබඳව අධ්‍යයනයක් කරන ඕනෑම කෙනෙකුට පෙනෙනවා, ඔහු බෞද්ධයෙක් බව. නමුත් ඔහු සාමාන්‍ය සමාජය වෙත ධර්මය ගෙනියනකොට ධර්මය, ධර්මය විදියට මිසක් වර්තමානයේ කරනවා වගේ බෞද්ධ ලේබලය අලවගෙන අරගෙන ගියේ නැහැ. මොකද සාමාන්‍ය සමාජය විවිධ විෂම අදහස්වලින් සමන්විතයි. ඒ නිසා බෞද්ධ ලේබලය අලවාගෙන ගියා නම් එය සාර්ථක වන්නේ නැහැ. අශෝක අධිරාජ්‍යයාගේ ධර්මවිජය ප‍්‍රතිපත්තිය සාර්ථක වුණේ ඒ අනුගමනය කරපු උපාය මාර්ගික ප‍්‍රතිපත්ති අනුවයි. එමගින් ඔහු බලාපොරොත්තු වුණු තමා දිනාගැනීම වගේම සමාජය දිනාගැනීම, රටේ අභ්‍යන්තර, බාහිර දියුණුව වර්ධනය කිරීම, සමාජයේ ධාර්මිකත්වය ගොඩ නගා ගැනීම, සහ ජනතාවගේ සුබ සාධනය, ආර්ථික, අධ්‍යාපන, සදාචාර ආදී වූ ජනතාවගේ දියුණුව ඇති කිරීමට ඒ මගින් හැකියාව ලැබුණා. අපේ රටේ පාලකයන් සැලකිල්ලට නොගත් නමුත් අප අසලම පවතින මේ කරුණු පිළිබඳව අමරසේකර සූරීන් පාලකයින්ට හා සමාජයට මනාව සිහිකැඳවනවා කිව්වොත් නිවැරදියි. ඒ නිසා සමස්තයක් විදියට මේ කෘතිය අපේ පාලකයින් අත්පොතක් විදියට භාවිත කළයුතු එකක් ලෙසයි මා දකින්නේ.
ඔහු එම ග‍්‍රන්ථයෙන් ප‍්‍රකාශ කරනු ලබනවා, ලාංකික ජනයා උපන්ගෙයි සමාජවාදීන් බව. බුදු දහමට අනුව සිය ජීවන දර්ශනය හැඩගස්වා ගන්නා අප ජන සමාජය කෙරෙහි මෙවැනි නිගමනයකට එළඹීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
සැබෑ සමාජවාදියා තමයි බුදු හාමුදුරුවෝ. වර්තමානයේ අපි සමාජවාදී කියලා කල්පනා කරන්නේ මාක්ස්ලෙනින් ලේබලය ගහගෙන. ඒත් සැබෑ වශයෙන්ම බෞද්ධ දර්ශනය තුළ තමයි සමාජයවාදය පවතින්නේ. උදාහරණයක් විදියට සංඝ සමාජය දිහා බලන්න. සංඝ සමාජයේ පරිස්තුතිය, ව්‍යාප්තිය, ව්‍යුහය පිළිබඳව සලකලා බලන්න. එතන තමයි නියම සමාජවාදය තියෙන්නේ. පොදු පරිහරණය සංඝ සමාජයේ ඉහළින්ම අගය කරන්නක්. කාටවක්වත් කිසිදෙයක් පිළිබඳව තනි අයිතියක්, පෞද්ගලිකත්වයක් කියන්න බැහැ. බදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ‘‘සබ්බේ සං සමසංදාතා’’ කියලා. ඒක දේශපාලන දර්ශනයටත් අදාළ කරගන්න පුළුවන්. හැමෝම සැපයට කැමතියි. දුක් විඳින්න කවුරුවත් කැමති නැහැ. ඒක උන්වහන්සේ ‘‘සබ්බේ සත්තා සුඛ කාමා දුක්ඛ පඨික්කූලා’’ කියල දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම වගකීම තමයි දුක් විඳින සත්වයින් ඉන් ගලවාගැනීම. බුදු හාමුදුරුවො කළේ ඒකයි. මේ ධර්ම මාර්ගය කියාදුන්නේ, මේ ආර්ය මාර්ගය කියාදුන්නේ දුකින් ගැලවීමටයි. කිසිදු බේදයක් නැතිව සමස්ත ලෝකවාසී සත්වයන් දුකින් මුදවාළීම තමයි බෞද්ධ දර්ශනයේ අන්තර්ගතය. එහි කිසිදු වර්ගීකරණයක් බේදයක් නැහැ. හැමෝම සමානයි. ඒ නිසා බුදු හාමුදුරුවෝ සැබෑම සමාජවාදියා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම සංඝ සමාජය මගින් ලබාදීපු ආදර්ශය. සමාජවාදයේ මුල්ම හරය තමයි සාමූහිකත්වය කියන්නේ. ඒක සංඝ සමාජයේ ප‍්‍රබලව දකින්න පුළුවන් කාරණයක්. බෞද්ධ පරිසරය සතු ඒ කාරණා සියල්ල සලකා බලනකොට අමරසේකර සූරීන්ගේ මතය ඉතාම නිවැරදියි. විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධයින්ට සමාජවාදය කියන එක කොහෙන්වත් ආනයනය කරන්න ඕන නැහැ. ඒක ඔවුන්ගේ ජීවිතය තුළ උපතේ පටන්ම ගැබ්වෙලා තියෙනවා. කළ යුත්තේ එය වටහා දී අවදි කිරීම පමණයි. ධර්මපාලතුමා කළේ ඒකයි. සැබෑ බෞද්ධයා සැබෑ සමාජවාදියෙක් කියලා කිව්වොත් නිවැරදියි.
ශ‍්‍රී ලංකාව සමස්ත ලෝකය තුළ සුවිශේෂී වන්නේ බුදු දහමට අනුව එහි ජනයාගේ භාෂාව, රැු කියාව, සමාජ සාරධර්ම ආදී වූ සියලූ අංගයන් හැඩ ගැසීමට ලක් වී තිබීමයි. එහෙත් සියවස් ගණනාවක් බටහිර ආධිපත්‍යයට නතු වීමෙන් පසුව මේ බිමේ සංස්කෘතියට අනුගත නොවුණු අය අත විලාසිතාවක් බවට බුදු දහම පත්වෙලා තියෙනවා. මෙම තත්ත්වය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
බුදු දහම කියන්නේ ප‍්‍රදර්ශනාත්මක දෙයක් නෙමෙයි. බුදු දහම කියන්නේ තමන් තුළ සැබවින්ම අවබෝධයක් ඇති කරගෙන, ජීවිතාවබෝධයකින් ඒ වගේම අපරිමිත වූ මෛත‍්‍රියකින් සහ කරුණාවකින් තමන් කෙරෙහිත් ලෝකයා කෙරෙහිත් උපනයනය කරගෙන ඒ අනුව තමන්ගේ කල්පනාව හසුරුවාගෙන තමන්ගේ චර්යා පද්ධතිය දියුණු කරගැනීම. ඒ නිසා තමයි සමාජය තුළ අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ගේ නිදහස, පොදු දියුණුව පිළිබඳව බෞද්ධයෝ කල්පනා කරන්නේ. එකිනෙකාගේ පොදු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒවා වෙනුවෙන් කැපවෙනවා.ඔවුනොවුනට වග කියාගන්නවා. අපි පර පණ නොනසනවා වගේම අනුන්ගේ ජීවිතය ආරක්‍ෂාකරනවා. අපි සොරකම් නොකරනවා වගේම අනුන්ගේ සන්තකය, පොදු දේපළ ආරක්‍ෂා කිරීමේ වගකීම අපිට තිබෙනවා. අපි වැරදි ජීවිතයක් ගත නොකරනවා වගේම සමාජයේ නිවැරදි චර්යාව වර්ධනය කිරීමේ වගකීමත් අපිට තියෙනවා. මේ නිසා බෞද්ධ දර්ශනය කියන්නේ පොදු සමාජයත් එක්ක එකට බැඳිච්ච එකක්. සමාජයෙන් තොරව ධර්මයේ සක‍්‍රියතාවයක්, බලාත්මකතාවයක් නැහැ. සතර බ‍්‍රහ්ම විහරණ අරගෙන බලන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා කියන මේ හැම කරුණක්ම සමාජයත් එක්ක එකට ගැටග ැහිච්ච දේවල්. මේවා තනි තනියෙන් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි අපිට මෛත‍්‍රීය, කරුණාව බලාපොරොත්තු වෙනවා වගේම අපි සමාජයටත් ඒ දේ ලබා දෙන්න ඕන. ඒව ශ්‍රේෂ්ඨ දේවල් වෙන්නෙ සමාජයත් එක්ක සිදු කරන ඒ ගැටීමත් එක්ක. එනිසා බුදු දහම කියන්නේ පොදු සමාජ යහපත ප‍්‍රබල විදියට අගය කරන දහමක්. හැබැයි පස්සේ කාලෙක විවිධ වංචනිකයන් බුදු දහම තමන්ට වාසිදායක විදිහට ආත්මාර්ථකාමී ලෙස වෙනස් කරන්න, අර්ථකථනය කරන්න කටයුතු කළා. එය ධර්මයේ වැරුද්දක් නෙවෙයි. පුද්ගලයන්ගේ භාවිතාවේ පවත්නා ගැටළුවක්. මේ කාරණයේදී දේශපාලනය විශේෂයි. දේශපාලකයින් තමන්ගේ වාසිය සඳහා ආගම භාවිතා කරනවා. ඒ ධර්මයේ යහපත වෙනුවෙන් නෙමෙයි. ධර්මයට තියෙන ජනතාවගේ විශ්වාසය,කැමැත්ත හරහා තමන්ට අවශ්‍ය කාරණා ඉෂ්ට කර ගැනීමයි ඔවුන් කරන්නේ. ඒ වගේම දැන් ධර්මය සම්බන්ධයෙන් විවිධ අර්ථකථනයන් දකින්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය හරහා ගොඩනගපු, පුම්බපු පිරිසක් විසින් සැබෑ බෞද්ධ සභ්‍යත්වය වෙනුවට තමතමන්ගේ විවිධ මතිමතාන්තර පළ කරන්නට පටන් අරගෙන තියෙනවා. මෙතැනදී මාධ්‍ය උස්සන ආකාරයත් එක්ක ජනතාව ඒ පුද්ගලයා වටා ඒක රාශී වෙනවා. හැබැයි ඒ පුද්ගලයන්ගේ සත්‍ය ක‍්‍රියාකාරීත්වය හඳුනාගත්තට පස්සේ ජනතාව කළකිරෙනවා. මේ සියල්ලෙන්ම අවසානයේ සිද්ධවෙන්නේ ධර්මය වෙතින් ජනතාව ඈත් වීම. පිරිසක් අන්ධ භක්තිකයන් බවට පත් වෙද්දී තවත් පිරිසක් ධර්මයෙන් ඈත් වෙනවා. මේ බොහොමයක් තැන්වල ධර්මය භාවිතා කරන්නේ විලාසිතාවක් විදිහටයි. ඒ හැම තැනකම මමත්වය, ආත්මාර්ථය තමයි ගොඩනංවන්නේ. ඒක අද විලාසිතාවක් බවට පත්වෙලා. හැබැයි සැබෑ බුදු දහම ඒක නෙමෙයි. එය මෙරට ජන විඥානය තුළ මුල් බැස ගත්තක්. ඒක තුළින් අපට කියලා දෙන්නේ මමත්වය නෙමෙයි, සාමුහිකත්වය පිළිබඳවයි. නැතිනම් බුදු හාමුදුරුවන්ටත් තිබුණා තමන් විමුක්තිය අවබෝධ කරගත්තට පස්සෙ ඒක අනුන්ට අවබෝධ කර නොදී සිටීමට.
බටහිර රටවල් යටත් කළ බොහෝ ආසියානු - අප‍්‍රිකානු රටවල් ඉතා ඉක්මනින් තමන්ට අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ විනාශ කරගනු ලැබුවා. එහෙත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම එසේ කළ නොහැකි වුණා. මෙය මෙසේ වීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?
ඒ කාරණය තමයි, ධර්මපාල තුමා, මාර්ටින් වික‍්‍රමසිංහ වගේම ගුණදාස අමරසේකර සූරීන් ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා සමාජයට ප‍්‍රකාශ කරලා තියෙන්නෙ. මේ තමයි ජන විඥානය. බෞද්ධ ජන විඥානය කියන්නේ ඒකට තමයි. මේක තමන්ගේ ජීවන ප‍්‍රතිපදාවක් විදියට ගැනීම නිසා තමයි එහෙම වෙන්නෙ. බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතය කර ගැනීම නිසා අදටත් ලාංකිකයන්ගේ සභ්‍යත්වය, අනන්‍ය ලක්‍ෂණ විනාශ කරන්න බැරිවෙලා තියෙනවා. නමුත් ඔය කියන අනෙකුත් රටවල් බලන්න. කොරියාව, බංගලිදේශය, මාලදිවයින, ඉරානය, ඉරාකය වගේ රටවල් දිහා බලන්න. ඒ හැම එකක්ම බෞද්ධ රටවල් විදියට පැවතුණු ඒවා. රුවන්වැලිසෑයේ මුල්ගල් තබන අවස්ථාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කරලා තියෙන්නෙ ඉරාක - ඉරාන වලින්. නමුත් අද ඒ රටවල බෞද්ධ මාත‍්‍රයක් වත් නැහැ. ලංකාවට එහෙම කරන්න බැරිවුණා. නමුත් ලංකාවටත් එහෙම වෙන්න බැරිකමක් නැහැ. එතෙන්ට ගේන්න තමයි මේ හැම කුමන්ත‍්‍රණයක්ම කරන්නෙ. රට බෙදීමේ ව්‍යාපාරය, අන්‍යාගම් ව්‍යාපාර, නොයෙක් නොයෙක් විජාතික ව්‍යාපාර, සංස්කෘතික ව්‍යාපාර කියන මේ හැම දෙයක්ම ඉලක්ක කරන්නෙ ලංකාවෙ පවතින මේ සුවිශේෂී ජන මනස විනාශ කිරීමට. ඔවුන් දන්නවා ඒ මගින් පමණක් බව ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න පුළුවන්. හැබැයි තවමත් එය බැරිවෙලා තියෙනවා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි, අපේ ජනතාවගේ ජන මනස, බෞද්ධ ජන විඥානය විනාශ කිරීමට නොහැකි වීම නිසයි. හැබැයි එවැනි අවදානමක් අප ඉදිරිපිට තිබෙනවා. මේ සමාජයේ පෙළගැසීම, අධ්‍යාපන රටාව, ආකල්පවල ඇදවැටීම, ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනික රටාව, පරිභෝජන රටාව මේ සියල්ල සලකා බැලූවොත් අවදානම ඉතාම උග‍්‍රයි.
අතීත යුගවලදී සංඝ සමාජයට රටේ පාලකයන්ට හා සමාජයට විශාල බලපෑමක් කළ හැකිව තිබුණා. නමුත් අද එය තරමක් හීන වී පවතින්නේ. මෙම තත්ත්වයට හේතුව සහ එය වෙනස් කිරීමට කළ යුත්තේ කුමක්ද?
රටේ ජනතාවගේ රජ්ජුරුවෝ වගේම සංඝ සමාජයටත් සංඝරාජ මාහිමි කෙනෙක් ඉන්නවා. රජු ජනතාවට කරන බලපෑම වගේම සංඝ සමාජයට විශාල බලපෑමක් එල්ල කරන්න සංඝරාජ මාහිමියන්ට පුළුවන්. ඒ බලපෑමම රටේ පාලනයට කරන්නත් පුළුවන්කම තිබුණා. පොළොන්නරු යුගයේ ‘මාහිමි’ කිව්වේ ඒ පදවියට. දැන් ඒක අපිට අහිමි වෙලා තියෙනවා. අද භික්‍ෂු සමාජයේ බොහොමයක් භික්‍ෂූන් වහන්සේලාට තමන්ට තිබෙන ගැටළු කියාගන්න තැනක් නැතිවෙලා තිබෙනවා. සංඝ සමාජයේ ඒක මතයක් නැහැ. සමාජ අර්බුද තබා තමන්ගේ අර්බුදවලටවත් විසඳුම් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. අතීතයේ මේ තත්ත්වය වෙනස්. මඩිහේ මහ නාහිමි වැනි නාහිමිවරුන් ඉන්න කාලේ සංඝ සමාජයේ ඒකත්වයක් තිබුණා. එතකොට රටට යම් මතයක් භික්‍ෂූන් ඉදිරිපත් කරනව නම් එය සංඝ සමාජයේ පොදු මතයක් විදියටයි ඉදිරිපත් කළේ. නමුත් අද එවැන්නක් නැහැ. විවිධ කණ්ඩායම්වලට, දේශපාලන පක්‍ෂවලට බෙදිලයි, අපි ඉන්නෙ. ධර්මය පිළිබඳ ගැටළුනොතිබුණාට පොදු සමාජ කාරණා වලදී පරස්පරතාවයන් පැවතීම නිසා එක් ප‍්‍රබල මතයක් ඉදිරිපත් කිරීමක් වෙන්නෙ නැහැ. මේ නිසා තුන් නිකායම තුළ ඒකීයත්වයක් අවශ්‍ය වෙනවා. අපි අදහස් කරන්නේ එක් නායකයකු පිළිබඳව නෙමෙයි. එකඟතාවයක් පිළිබඳවයි. එවැන්නක් පවතිනවානම් අතීතයේ රටට හා සමාජයට බලපෑම් කිරීමට තිබූ හැකියාව යළි ලබා ගැනීම අසීරු නැහැ. විශේෂයෙන්ම මේ කාරණයේදී වඩා වැදගත් වෙන්නේ ධර්මය හා විනය පිළිබඳව කල්පනා කරමින් සංඝ සමාජයේ අනාගතය දිහා බලල ගන්නා තීරණ තීන්දු මේ සඳහා මහා නායක හාමුදුරුවරුන්ට විශාල වගකීමක් තිබෙනවා, අනෙක් හැමෝටම වගේම.
අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම ප‍්‍රචාරණ කටයුත්තේදී ඉතාමත් ඉහළ වාසිය හිමි වුණේ ශ‍්‍රී ලංකාවට බවයි අපේ හැ`ගීම. එහෙත් බටහිර ආධිපත්‍යයට අප යටත් වුණු දින සිට මෙතෙක් අප ගෙවා දමා ඇති කාලය තුළ ජාතියක් ලෙස අප මුහුණ පෑ ව්‍යසනයෙන් නැ`ගීසිටීමට අමරසේකර සූරීන් ඉදිරිපත් කරන නිබන්ධනය කුමන අයුරින් අපට උපකාරී වෙනවාද?
අමරසේකර සූරීන්ගේ මේ කෘතිය තවම හරියටම සමාජගත වුණේ නැහැ කියලයි මගේ හැ`ගීම. ඒ නිසා මේ පිළිබඳව නිවැරදි කතිකාවක් වහා ආරම්භ කළ යුතුයි. එතුමා මේ කෘතිය මගින් දක්වන ජාතිකත්වය පිළිබඳ මතය ඉතා වැදගත්. එතුමා පෝෂණය වුණු සමාජය දෙස බැලූවොත්, එතුමා ඉතාම හොඳ ගැමියෙක්. ඒ වගේම විදග්ධ සමාජය තුළ පෝෂණය වුණු කෙනෙක්. එනිසා එතුමා සමාජ පරිවර්තනයක් පිළිබඳව අත්දැකීම් ලබාපු ඒවා ගැඹුරින් ගවේෂණය කරපු පුද්ගලයෙක්. ඉන් මුහුකුරා ගිය කෙනෙක්. අමරසේකර සූරීන්ගේ දර්ශනය පදනම් වෙන්නෙ අනගාරික ධර්මපාල තුමන්ගේ ජාතික නායකත්වය වගේම කුමාරතුංග මුනිදාසයන්ගේ ජාතික අනුරාගය පිළිබඳව ගොඩනග පු කරුණු මතයි. ඒ සියල්ල ගැඹුරින් අධ්‍යයනය කරලා අපේ සමාජය අනාදිමත් කාලයක් තිස්සේ මුහුණ දීපු විපර්යාස සලකලා බලලා තමයි, එතුමා තමන්ගේ චින්තනය ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ කෘතිය මගින් පමණක් නෙමෙයි, එතුමා ‘‘ගමනක මුල’’ කෘතියේ පටන් ගොඩනංවපු ඒ මතවාදය තවමත් සමාජයේ අවශ්‍ය ප‍්‍රමාණයට සාකච්ඡුාවට බඳුන්වෙලා නැහැ. එය ඉතාම කනගාටුදායකයි. මෙනිසා දැන්වත් මේ රටේ සියලූම බුද්ධිමතුන් මේ පිළිබඳව කතිකාවතක් නිර්මාණය කළ යුතුයි. එය අද දවසේ ජාතියේම අවශ්‍යතාවයක්. ඒ විතරක් නෙමෙයි, එතුමා ඉතිහාසය තුළ තමන් අතින් වුණු වැරදීම් පිළිගන්නට මැළි වුණේ නැහැ. ඒ නිසයි ‘‘කරුමක්කාරයෝ’’ කෘතිය එතුමා පසු කලෙක ප‍්‍රතික්‍ෂේප කළේ. එය ඉතා ශ්‍රේෂ්ඨ ආදර්ශයක්. ජාතියක අනාගතය ගොඩනැගීම සඳහා එවැනි නිහතමානී ආදර්ශයන් තමයි පදනම් වෙන්නේ. අපි තාමත් මේ මහා ප‍්‍රාඥයාගේ වටිනාකම හඳුනාගෙන නැහැ. එය ජාතියේ අවාසනාවක්. එවැනි ජාතියකට ඉදිරි ගමනක් නැහැ. එනිසා වහ වහා මේ තත්ත්වය නිවැරදි කර ගන්න රටේ බුද්ධිමතුන් ප‍්‍රමුඛ සියලූ දෙනා කටයුතු කළ යුතුයි.
උපුටා ගැනීම මුරගල