අමරසේකර කියන උත්තර සංවාදයේ ඇතුල් පැත්ත

2006/10/15
අමරසේකර කියන උත්තර සංවාදයේ ඇතුල් පැත්ත

2006.10.08 දින දිවයින ඉරිදා සංග්‍රහයේ පළවූ ප්‍රවීන ලේඛක ගුණදාස අමරසේකර මහතා විසින් ලියන ලද "සාහිත්‍යය යනූ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි." යන හිසින් රචිත ලිපිය දැක මෙය ලියා එවන්නට මම අදහස් කළෙමි. ගුණදාස අමරසේකර මහතා සිංහල සාහිත්‍ය ඉතිහාසයෙහි පෙරළිකාර භූමිකාවක් අත්කරගත් කෘතහස්ත ලේඛකයෙකි. එතුමාගේ මූල් කාලීන ප්‍රබන්ධ හා කාව්‍ය සාහිත්‍ය අප බෙහෙවින්ම අගය කළ අතර ඒ වෙනූවෙන් පෙනී සිටි අවස්ථාද කොතෙකුත් තිබේ. එහෙත් ඔහූගේ නිර්මාණාත්මක සාහිත්‍ය භූමිකාවේ පෙරළිය අපට තවමත් ප්‍රශ්නයකි. අප එහි දකින්නේ වයසත් සමඟ සිදුවූ පරිනාමයක් ලෙසය. කෙසේ වූවත් විමල් වීරවංශ මහතාගේ සාහිත්‍ය දේශනයෙන් ඉක්බිති ඇතිවූ චලනයන් අර්ථ ශූන්‍ය දිසාවකට යමින් තිබියදී එය සාහිත්‍යය සංවාදයක් බවට හරවන්නට ගත් උත්සාහය අර්ථවත්ය යනූ අපේ හැඟීමය.

ලාංකික සාහිත්‍යකරුවාට නිදහසේ අදහස් ප්‍රකාශනයට ඉඩකඩ තිබිය යූතු බැව් අප අවධාරණය කළේ අමරසේකර මහතා ගේ "යළි උපන්නෙමි" පළ වී සභ්‍ය අසභ්‍ය වාදයක් මූදුන් වූ හැටෙි දශකයේ සිටය. කොළඹ සාහිත්‍ය සභාවල මේ වාදය නිසා දුටූ අහසේ පාවී යද්දී අපේ හඬ වූයේ දෙඤ්ඤං බැටෙි විචාරවලට හිස නොනමන බවය. මේ නයින් අද ද අප, අධිකාරී සාහිත්‍ය මත තර්ක න්‍යායෙන් තොර පිළිගන්නේ නැත. සූප්‍රකට දේශපාලකයකු කළ දේශනයක් නිසා හෝ භික්ෂූන් වහන්සේ කළ දේශනයක් නිසා හෝ එයට අපට එකඟ විය නොහැකි නම් අපි එකඟ නොවෙමූ. විරෝධය නොවලඟා පළ කරමූ. අප එසේ කරන්නේ නිදහස් අදහස් මඩින්නට කාටවත් උරුමයක් නැතැයි කියමිනි.

ගුණදාස අමරසේකර මහතා ඉහත කී ශීර්ෂයට මූවාවී ලොකු උත්සාහයක යෙදෙන්නේ විමල් වීරවංශයන් කළ කතාවට ප්‍රතිෂ්ඨාවක් ලබා දෙන්නටය. තමාගේ මතවාදයට සමීප නිසා හෝ තම පක්ෂයේ හිතවතෙකු නිසා හෝ ඔහූ එහි නිමග්න වෙයි. පරාක්‍රම කොඩිතුවක්කු කවියා ද මෙවැනිම ප්‍රතිෂ්ඨාවක් ලබාදී තිබූණේ හැඟීම්වලින් ආවේශවී ගෙනය. ඒ කවිකමේ හැටියකි. අප ද විමල් වීරවංශයන්ගේ කතාව සහමූලින්ම කටූගා දමා, ගොම තවරා නින්දා අපහාස කොට ප්‍රතික්ෂේප කරන්නේ නැත. එහි සඳහන් වන අධිරාජ්‍යවාදීන්ගේ සූරාකෑම ගැන, ලෝක ධනවාදයේ බිහිසූණූකම ගැන කියන කරුණූ එකහෙළා පිළිගනිමූ. දේශපාලකයන්ගේ බලය රජ බලයක් බවට පත්ව ඇති මේ කාලේ සංස්කෘතික ඇමැතිගේ බලතල මත විමල් වීරවංශ මහතාට සාහිත්‍ය කතාවක් දීම ගැන ද, මේ රටෙි සිටින අහිංසක ලේඛකයන්ට කලබල වෙන්නට ද දෙයක් නැත. අවශ්‍යව තිබෙන්නේ ඔහූ පවසන දේ සූනිසිත් නැණින් විමසා බලා කිවයූත්තක් ඇත්නම් කීම පමණය.

ගුණදාස අමරසේකර මහතා කියන්නා සේ විමල් වීවරංශ මහතාගේ කතාවෙන් පසූ දේශපාලකයන් අටවන බාහිර කතා අප අනූමත කරන්නේ නැත. ඔහූගේ කතාව ගිරාපෝතක කතාවක් සේ කීවත්, "ඔරිජිනල්" කතාවක් සේ කීවත් අපට ප්‍රශ්නයක් නැත. අපට වැදගත් වන්නේ ඒ ලියවිල්ල නැතහොත් ප්‍රකාශනයයි. අමරසේකර මහතා ද කලාතුරකින් එම ලියවිල්ල ප්‍රශ්න කරනූ පෙනෙයි. ආදර සෙනේ නිසා එසේ විය හැකිය. විමල් වීරවංශ මහතා දක්වන ආකාරයට සාහිත්‍ය අපගේ ජීවිතය හා සමාජය හා බැඳුණූ සමාජ ප්‍රපංචයෙකි. (මෙය සංශෝධන සහිතව පිළිගත යූතු සත්‍යයෙකි.) සාහිත්‍යයේදී මිනිසාගෙන් වියූක්තව පරිකල්පනය දැකගත නොහැකිය. මූළු මහත් ලෝක සත්තාවට කලාකරුවාගේ පරිකල්පනයේ ප්‍රතිඵල නොවූවත් සමස්ත කලා නිර්මාණයම ඔහූගේ පරිකල්පනයේ ප්‍රතිඵලයෙකි. ඇත්තෙන්ම මේවා කාගේ හෝ නව සොයා ගැනීම් නොවේ. සාහිත්‍යය ඉතිහාසයේ නිරූපිත සත්‍යයන්ය. විමල් වීරවංශ මහතාත් අමරසේකර මහතාත් ප්‍රතිරාවය කවරවන්නේද මේවාය. නැත්නම් මින් උපූටාගත් කොටස්ය.

යථාර්ථවාදී සාහිත්‍ය බිඳ වැටෙමින් එකතැන පල්වෙමින් පවතින බව අද කවූරුත් කියති. 2006 වසරේ පළවූ නවකතාව පිළිබඳව තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කළ ශාස්ත්‍රාල විද්වතුන් දෙදෙනකු කීවේ මෙම වර්ෂය තුළ උසස් යයි සැලකිය හැකි නවකතාවක්. නොලියැවූණ බවය. මෙයට හේතු වී තිබෙන්නේ ප්‍රබල සමාජ කතිකාවක් ප්‍රබන්ධය හරහා ගොඩනොගැනීමය. විමල් වීරවංශයෝ ද අමරසේකරයෝද මේ ගැන සඳහන් කරති. නවකතාවේ අමූද්‍රව්‍ය අතිශයින්ම පූද්ගලවාදී වී තිබේ. කේඳෑරී කතා පූවත්වලට නවකතාව පමණක් නොව ජනප්‍රිය සාහිත්‍ය අංගයක් වූ කෙටි කතාවද කොටූ වී ලඝූවී ඇත. නව සමාජ ස්පන්දන ප්‍රබන්ධයට එක් වන්නේ සීනි බෝල පරිදිය. මෙයට හේතුවී තිබෙන්නේ අමරසේකරයන් ප්‍රකාශ කරන පරිදි උත්තර දේශපාලන සංවාදය මෙරට ලේඛකයන් ගේ සවනතෙහි රැව්පිළි රැව් නොදීමද? අපගේ අදහස වන්නේ මෙයට අමරසේකර මහතා දක්වන දේශපාලන සාධකය හේතු නොවන බවය. මෙයට හේතු කිහිපයෙකි.

1. ප්‍රබන්ධය මනාකොට නොහඳුනා ගැනීම. (2) සමාජ කතිකාවක් බව නොපිළිගැනීම. (3) සතන අභ්‍යාසයෙහි නොයෙදීම. 4. විශ්ව සාහිත්‍ය ගැන අවබෝදයක් නැතිකම. ප්‍රබන්දයක් යනූ හූදෙක් ප්‍රචාරක පත්‍රිකාවක්ම නොවෙයි. එය එම තත්ත්වය ඉක්මවා ගිය කලාත්මක ගොනූවෙකි.

මිලාන් කැන්දේරාගේ නදනැ වැනි නවකතාවක් හෝ සල්මන් රුෂ්ඩිගේ ඵසා භසටයඑ ජයසකාැරබ වැනි නවකතාවක් හෝ ඉබෙල් ඇලෙන්චේගේ ්‍යදමිැ දෙ ිචසරඑ (මායාවාස) විමසා බලන විට ප්‍රබන්ධය යනූ කොතරම් සංකීර්ණ එකක් දැයි වටහා ගත හැකිය. (අමරසේකර මහතා නම් ස්වකීය ලිපියෙහි සඳහන් කර ඇති

සාහිත්‍යය

සඟරාවේ මිලාන් කුන්දේරාට ගරහයි. කුන්දේරා සෝවියටි දේශය විසින් චෙකොස්ලෝවැකියාව ආක්‍රමණය කළ පසූ දේශපාලනය තකිතාවට ගන්නා ආකාරය විමසා බලන ලෙස ඉල්ලමි.

ගුණදාස අමරසේකර මහතා බැරෑරුම් ආකාරයට විමල් වීරවංශයන්ගේ සාහිත්‍යය දේශනයට ප්‍රාණ වායූව ලබා දෙන්නට උත්සාහ ගත්තත් ඔහූගේ කතාවේ තානය (ඔධභෑ- හරහා නැගෙන ආවේගශීලී ජනතාවාදය බොහෝ සාහිත්‍යකරුවන්ගේ නොසන්සූන්කමට හේතු වී තිබේ. අපට නම් තවමත් හැඟෙන්නේ ඔහූ කතාවෙන් ප්‍රතිරාවය කරන්නේ අමරසේකරයන් ද අතීතයේ හෙලා දැක ඇති ඊනියා ජනතාවාදයයි. අප කවූරුත් කතා කරන්නේ හූදකලා වී නොව ඉතිහාසය සමග අත්වැල් බැඳගෙනයි. අපගේ ඉන්ද්‍රීය විඳගැනීම් අතීතය හා බැඳී පවතී. ඒ නිසා අපට දේශපාලකයන් සාහිත්‍යය සඳහා ආඥා නිකුත් කරන විට මතක් වන්නේ රුසියාවේ ස්ටැලින්වාදී යූගයයි. චීනයේ මාවෝ සේතුං යූගයයි. එහෙත් ලියොන් ට්‍රොස්කි අපට මතක් කරන්නේ දේශපාලනය තුළ වියැකී යන සාහිත්‍යයේ නිදහසය. කලාවේ නිදහස් පැවැත්මය. කලාව පන්ති ප්‍රකාශයක් බව ට්‍රොස්කි පිළිගත් බව සැබෑය. එහෙත් ඔහූ කලාව කුමන පන්තියක හෝ හිරකරුවකු වෙනවාට කැමති වූයේ නැත. මේ නිසා සාහිත්‍යය ගැන දේශපාලකයන් කතා කරන්නේ සද්භාවයෙන් දැයි රසික ප්‍රජාව තුළත්, ලේඛකයන් තුළත් ලොකු සැකයක් පවතී. ස්ටාලින් යූගයේ නිලධාරි පැලැන්ති පාලන යූගයේ ඉබි යතුරු ලා ට්‍රන්ක පෙටිටි තුළ තිබූ නිර්මාණ ඉන් පිටතට ආවේ කෘෂොප් කෙනෙක් නැත්නම් ගොර්බචොප් කෙනෙක් ආ විට බව දන්නා ලේඛක සාහිත්‍ය දේශපාලකයන්ගේ සද්භාවය ප්‍රශ්න නොකරයි. මිකායෙල් බූල්ගාකොෆ් නම් ලේඛකයාට තමාගේ නිර්මාණ පළ කරන්නට තබා එම රටින් වෙන රටකට යෑමටවත් මිය යන්නට පෙර දේශපාලකයන් අවසර නූදුන් නියාව අමරසේකර මහතා දනී ද? අමරසේකර මහතා සාහිත්‍යය සඟරාවේ සිහිපත් කරන බොරිස් පැස්ටනැක්ට නොබෙල් සම්මානය ගන්නට ඉඩ නූදුන්නේ බහූ ජනතාවගේ උත්තර දේශපාලනයක්  දොස්තර ශිවාගෝ මගින් නොදැක්වූ නිසාද?

ගුණදාස අමරසේකර මහතාගේ ලිපියෙහි ද සඳහන් වන එමෙන්ම ඔහූ නිතර නිතර සඳහන් කරන අදහසක් තිබෙයි. "සාහිත්‍යය දේශපාලන සංවාදයේ උත්තර සංවාදය වනූයේ සාහිත්‍යකරුවා දේශපාලන සංවාදයෙන් උකහා ගන්නා දෙය ඔහූ විසින් ප්‍රතිනිර්මාණය කිරීම මගිනූයි. ඒ ප්‍රති නිර්මාණයේදී ඔහූ විසින් කරනූ ලබන්නේ තමා ලබන ලද අත්දැකීම මනූෂ්‍යත්වය මත තබා මිනිස් හැඟීම් වේදයිත, වේදනා ප්‍රාර්ථනා යනූවෙන් වටහා ගෙන මානූෂික කතාන්තරයක් බවට පත් කිරීමය. මේ සියල්ලටම මූල් වනූයේ මිනිසාය. මෙම ප්‍රකාශයේ යම් අරුතක් ඇතත් ප්‍රකාශනය සංදිග්ධතා (නොපැහැදිලි අරුත් නගන) ස්වභාවයෙන් යූක්තය. අපගේ අදහස වන්නේ සාහිත්‍යකරුවා ප්‍රතිනිර්මාණය කරන දෙය දේශපාලන සංවාදයක ලඝූ කිරීම මිනිසාගේ පැවැත්ම ලඝූ කිරීමක් ලෙසය. මිනිසාගේ අපේකෂා උත්තර දේශපාලන සංවාදයක අභිෂේක කිරීමෙන් සැබෑ මිනිසෙකු දැකීම දුෂ්කර වන බවය. මෙය මිනිසා දේශපාලන සත්ත්වයෙකැයි කියන කියමනට සමානය. පැරැණි අදහසක් ලෙස අවස්ථාවාදී අදහසක් ලෙස සැලකෙන මෙය මනෝවිශ්ලේෂණවාදය හරහා ප්‍රොයිඩ් බිඳ දමන ලද්දේ නිහඬවය. මිනිස් සන්තානයේ සංකීර්ණතාව කියා නිම කරන්නට නොහැකි තරම්ය. මිනිසාගේ පාරම්පරික චර්යාවන්, ආත්මයේ සංසරණය වැනි ආගමික මති මතාන්තර ද මිනිසා දේශපාලන සත්ත්වයකු කිරීමේ ඉරණමෙන් මූදා ගෙන ඇත. පරිණාමවාදය, අධ්‍යාත්මික ශාස්ත්‍ර පූන පූනා දක්වන්නේ බඹයක් පමණ වූ මේ මිනිසාගේ ඝනත්වයයි. මේ අනූව සාහිත්‍යයට ගෝචර කර ගන්නා මිනිසා දේශපාලන ටෙිප් වලින් මැනිය නොහැකිය. සාහිත්‍යය මිනිසා අනූශාංගික කර ගන්නා ප්‍රපංචයක් නම් ඉහත දැක්වූ කරුණූ අනූව සාහිත්‍යය යනූ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි නම් කිරීම අසම්පූර්ණ කතාවකි. දේශපාලකයන් තමාගේ මතාන්තර තහවූරු කර ගන්නට ඇට වූ මළ පූඬූවකි.

මෙම කරුණූවල සත්‍යතා අප විශ්ව සාහිත්‍යය හරහා දැක ඇත. අප්‍රිකානූ නවකතාව දේශපාලන උත්තර සංවාදයක් දියත් කර ඇතත් ඔවූන් සිටින්නේ ඔවූන්ගේ ජනවිඥානය තුළය. ඔහූගේ නිර්මාණාත්මක ප්‍රභාව මතු වන්නේ ඒ හරහාය. මෑතක බටහිර ලෝකයේ ජනප්‍රිය වී ඇති ලතින් ඇමරිකානූ සාහිත්‍යය ගත්තත් මෙම කරුණූම ස්ඵූට කර දක්වන්නට පූළුවන. උදාහරණ ගණනාවක් දැක්විය හැකි වූවත්, දෙකක් පමණක් දක්වන්නට කැමැත්තෙමි. හයිටි කැරැල්ල ආශ්‍රය කරගත් ඇලේජෝ කාපෙන්ටියර්ගේ කිංඩම් ඔෆ් දිස් වර්ල්ඩ් (ණසබාදප දෙ එයසි අදරකා- හා සිංහලයට ද නගා ඇති ගර්ෂියා මාර්කෙස්ගේ සියවසක හූදකලාව මතක් කරමි. ප්‍රබන්ධය දේශපාලනයේ පමණක් නොව අදහා ගත නොහැකි ජනවිඥානයේ ද ප්‍රකාශනයෙකි. මෙයින් මා මතුකර දක්වන්නේ අමරසේකර මහතා විදග්ධ සාහිත්‍යධරයකු වූවත් සාහිත්‍යය ගැන සිතා ඇත්තේ කොතරම් පටූ තැනක සිට ද කියාය. ඔහූගේ දැන් නිර්මාණාත්මක ප්‍රබන්ධ වූ  ගම්දොරින් පටන් ගන්නා නවකතා වංශය දීර්ඝ සාකච්ඡාවකට බඳුන්කර ඒවා ප්‍රබන්ධ සාහිත්‍යයේ දේශපාලන සැකිලි බව අපට ඔප්පූ කොට පෙන්විය හැක. අමරසේකර මහතා උත්තර සංවාද හරහා ප්‍රාණය ලබා දෙන්නට තතනන්නේ මෙම කෘතිවලට ද? මේවා විචාරයට විචාරකයන් නොමැතිකම ගැන මම කනගාටූ වෙමි.

සාහිත්‍යය නිර්මාණ හරහා සමාජයට සේවය කරන්නට සැරසීම මෙන්ම එසේ කරවන්නට සැරසීම කාර්යයන් දෙකකි. විශේෂයෙන් ම දේශපාලන ආඥාදායකත්වයක් හරහා එවැන්නකට සැරසීම බිහිසූණූ ක්‍රියාවකි. මෙවැනි තත්ත්වයන් අපේ ලිබරල්වාදී ජනාධිපතිතුමා යටතේ ද සිදුවන සැටි සොයා බලන්නට වැඩිදුර යෑම අනවශ්‍යය. මෙය ජනාධිපතිතුමා නොදන්නා නිලධාරී ජූන්ටාවක වැඩ කටයූතු විය හැකිය. ජනතාවගේ හිතසූව පිණිස සෝවියටි දේශයේ පිහිට වූ රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාකර වූයේ ද කලාව පාලනය කරන නිලධාරි පැලැන්තික ජූන්ටාවක් හරහාය. ඔව්හූ ලේඛකයන්ගේ කෘති පූළුස්සා දැමූහ. ඇතැම් කෘති තහනම් ලේඛන වලට ඇතුළත් කළහ. ලේඛකයන්ට දිවි නසා ගන්නට පවා සිදුවිය. ඉතා උදාර ලෙස බිහි වූ උත්තර සංවාදය නිම වූයේ මෙවැනි ෙ€දවාචකයකිනි. කලා මැදිරියා දකින විටත්, ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා බිය වන්නේ ඒ නිසාය

ගුණදාස අමරසේකර මහතාගේ ලිපියෙහි ද සඳහන් වන එමෙන්ම ඔහූ නිතර නිතර සඳහන් කරන අදහසක් තිබෙයි. "සාහිත්‍යය දේශපාලන සංවාදයේ උත්තර සංවාදය වනූයේ සාහිත්‍යකරුවා දේශපාලන සංවාදයෙන් උකහා ගන්නා දෙය ඔහූ විසින් ප්‍රතිනිර්මාණය කිරීම මගිනූයි. ඒ ප්‍රති නිර්මාණයේදී ඔහූ විසින් කරනූ ලබන්නේ තමා ලබන ලද අත්දැකීම මනූෂ්‍යත්වය මත තබා මිනිස් හැඟීම් වේදයිත, වේදනා ප්‍රාර්ථනා යනූවෙන් වටහා ගෙන මානූෂික කතාන්තරයක් බවට පත් කිරීමය.

මේ සියල්ලටම මූල් වනූයේ මිනිසාය. මෙම ප්‍රකාශයේ යම් අරුතක් ඇතත් ප්‍රකාශනය සංදිග්ධතා (නොපැහැදිලි අරුත් නගන) ස්වභාවයෙන් යූක්තය. අපගේ අදහස වන්නේ සාහිත්‍යකරුවා ප්‍රතිනිර්මාණය කරන දෙය දේශපාලන සංවාදයක ලඝූ කිරීම මිනිසාගේ පැවැත්ම ලඝූ කිරීමක් ලෙසය. මිනිසාගේ අපේකෂා උත්තර දේශපාලන සංවාදයක අභිෂේක කිරීමෙන් සැබෑ

මිනිසෙකු දැකීම දුෂ්කර වන බවය.

ටෙනිසන් පෙරේරා.
Share on Google Plus