සාහිත්‍ය සැණකෙළිවලින් නව කතාව දියුණු වන්නේ නෑ
ගුණදාස අමරසේකර
අද සාහිත්‍යය සැණකෙළියක් බවට පත්වී ඇතැයි කීවොත් සදොස් නොවේ. සැප්තැම්බර් මස වන විට සාහිත්‍ය සැණකෙළි රටපුරා බිහිවන බව අපට පෙනෙන්නට තිබෙනවා. මේ ආකාරයේ සැණකෙළි කිහිපයක්‌ම කොළඹ පවත්වනවා. මෙම සැණකෙළිවලදී ස්‌වර්ණ පුස්‌තක, රජත පුස්‌තක සහ පිත්තල පුස්‌තක ආදී වූ නම් වලින් සම්මාන ලබාදීම සිදුකරනවා. මෙම සම්මාන උළෙල සඳහා විශාල වශයෙන් ප්‍රචාරයකුත් ලබාදෙන බව දකින්න තිබෙනවා. කෙටියෙන් පවසනවා නම් මෙම සැණකෙළි සහ සම්මාන උළෙල තුළින් දැන් සාහිත්‍ය වෙළෙඳ ජාවාරමක් බවට පත් වී ඇති බව දකින්න තිබෙනවා.
අද තිබෙන වෙළෙඳපොළ ආර්ථිකය අනුව සාහිත්‍යය වෙළෙඳ භාණ්‌ඩයක් වී සාහිත්‍ය කෘතිය වෙළෙඳ ජාවාරමක් බවට පත්වීම ගැන පුදුම විය යුතු වන්නේ නැහැ. මෙම තත්ත්වය අපට පමණක් සීමා වූ තත්ත්වයක් නොවෙයි.
අද වන විට බටහිර ලෝකය තුළත් සාහිත්‍ය නිර්මාණය, පොත් පත් ප්‍රකාශනය හා වෙළෙ¹ම මහා කර්මාන්තයක් බවට පත් වී තිබෙනවා. වෙළෙඳ ජාවාරමක් බවට පත්වී තිබෙනවා. ඒ සඳහා ඔවුන් බුකර් වැනි සම්මාන යොදා ගනිමින් සිටිනවා. විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය, මහාචාර්යවරුන් පවා මෙම වෙළෙඳ ව්‍යාපාරය විසින් කුලියට ගෙන ඇති සැටි අපට දැක ගන්න පුළුවන්කම තිබෙනවා. මෙහිදී මට මතක් වෙනවා, දැනට අවුරුදු 15 කට පමණ උඩදී කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ සිටි මහාචාර්ය ග්‍රැමි හනේ කළ ප්‍රකාශයක්. එදා බටහිර ලෝකය තුළ තිබුණු සාහිත්‍ය ක්‍ෂේත්‍රය ගැන විචාරයක යෙදුණු එතුමා, µqල් බ්‍රයිට් මහාචාර්යවරු 100 ක් කුලියට ගෙන රටරටවලට පිටත්කර හැරියොත් ඕනෑම තුට්‌ටු දෙකේ නවකතාකරුවකු ටොල්ස්‌ටෝයි, දොස්‌තොව්ස්‌කිගේ තත්ත්වයට උස්‌සා පෙන්වන්න පුළුවන් බව ප්‍රකාශ කළා. එදා එතුමා ප්‍රකාශ කළ දේ අද වනවිට අපට ඉතාමත් හොඳින් දැක ගන්න තිබෙනවා. බුකර් වැනි සම්මාන දීමෙන් අද කරන්නේ එම කටයුත්ත තමයි.
අද වන විට මෙම ව්‍යාජය අපගේ රටටත් බෝවී තිබෙනවා. මෙම සම්මාන සැණකෙළි වලින් පෙනී යන්නේ පසුගිය කාලය තුළ එය ස්‌වර්ණ, රජත, පිත්තල නමින් සම්මාන දීපු පොත් අතරින් කිසිම වැදගත් කෘතියක් පළ වුණා කියා අපට කියන්න පුළුවන් ද?
මා සිතන හැටියට නම් මේ ක්‍රමයෙන් අපේ සාහිත්‍යය දියුණු කරන්න පුළුවන් වන්නේ නැහැ. මේවා සම්පූර්ණයෙන්ම වාගේ සාහිත්‍යය පිළිබඳ සාහිත්‍යයේ කාර්යභාරය පිළිබඳ අවබෝධයකින් තොරව කරන නිස්‌සාර සෝබන වැඩ.
එම නිසා මම හිතන්නේ පළමුවෙන්ම අප වටහා ගන්න ඕනි සාහිත්‍යය යනු කුමක් ද? එහි කාර්යභාරය සහ සාහිත්‍යයේ යෙදෙනවා කියන්නේ කුමක් ද කියන එක.
සාහිත්‍යය කියන්නේ මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද ඉතාමත් අගනා වස්‌තුවක්. ශිෂ්ට සම්පන්න සමාජයකට ඉතාමත් අවශ්‍ය දෙයක්. ඉතාමත්ම කෙටියෙන් කියනවා නම් සාහිත්‍යය යනු මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද කැඩපතක්. අපගේ මුහුණ බැලීමට කැඩපත ඉවහල් වේද, ජන සමූහයකට තමන්ගේ ස්‌වභාවය දැන ගැනීම පිණිස, තමා ජීවත්වන සමාජය පිළිබඳ දැන ගැනීමට අවශ්‍ය ඉතාමත් වැදගත් කැඩපත නම් සාහිත්‍යයයි. එම නිසා තමයි, සාහිත්‍යය ඉතාමත්ම ප්‍රබල ප්‍රපංචයක් වශයෙන් සලකනු ලබන්නේ. සාහිත්‍යකරුවා සමාජයේ ඉන්න ඉතාමත්ම ප්‍රබල පුද්ගලයකු වශයෙනුයි සලකනු ලබන්නේ.
මෙම කරුණ පසුගිය කාලයේ රුසියාවේ විසූ විශිෂ්ට නවකතාකරුවකු වන සොලිස් සෙනික්‌සින් මෙලෙසින් සඳහන් කර තිබෙනවා. ඔහුට අනුව සාහිත්‍යකරුවා යනු රාජ්‍යයක් තුළ ඉන්න තවත් රාජ්‍යයක්. සාහිත්‍යකරුවකු යනු එතරම් බලවත් පුද්ගලයකු වුවත් අපගේ සාහිත්‍යය කරුවන්ට එම කාරණය අවබෝධ වී නැහැ. නමුත් එම කාරණය
ඡේ. ආර්. ජයවර්ධන මහතාට නම් අවබෝධ වී තිබුණ බව මට හිතෙනවා. ඡේ. ආර්. ජයවර්ධන මහතා 1978 පැවැති සාහිත්‍ය උත්සවයේදී සාහිත්‍යයෙන් ඇති වැඩක් තිබෙනවාද කියා ඇසුවා. ටෙලිපෝනයක් බයිසිකලයක් ගන්න පුළුවන් ද කියා ඇසුවා. ඒ අවස්‌ථාවේදී අපේ සාහිත්‍යයකරුවන් ඔහුට බැණ වැදුණා. ඡේ.
ආර්. ජයවර්ධන මහතා එසේ කීවේ,
සාහිත්‍ය පිළිබඳව අවබෝධයක් නොතිබූ නිසා නොවෙයි. ඔහු එම ප්‍රකාශය කළේ සාහිත්‍ය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇතිවයි. ඒ මහතා දැන ගත්තා එදා නිර්මාණය කරන්න යන අධර්මිෂ්ඨ, අධම සමාජය නිරුවත් කර පෙන්වන්න පුළුවන්, ප්‍රබලතම මාධ්‍ය සාහිත්‍ය බව. එම නිසා තමයි සාහිත්‍යයෙන් වැඩක් නැහැ කියල කිව්වේ, ඉවතට දාන්න ඕනි කියල කිව්වේ.
ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ එම ප්‍රාර්ථනාව එක්‌තරා විදියකින් ඉෂ්ට වී ඇති බව මගේ හැඟීමයි. සාහිත්‍ය ඉවතට දැමීම කෙසේ වෙතත් කිසි වැඩකට නැති ඉවතට දැමිය යුතු සාහිත්‍යයක් තමයි දැන් මේ රටේ බිහිවී තිබෙන්නේ. අද මේ රටේ තිබෙන නවකතාවලින් අපට මේ රටේ බිහි වී ඇති සමාජය හෝ ඒ සමාජය තුළ අප මුහුණ දෙන විවිධ ප්‍රශ්න ගැන හෝ කිසිදු ගැඹුරු අවබෝධයක් දෙනවාද? ඇත්ත වශයෙන් ම අද මෙම සම්මානවලින් උස්‌සල තිබෙන නවකතාවලින් කරන්නේ මිනිසුන්ට යථාර්ථය අමතක කර ජීවත් වීමට අවශ්‍ය බේත් සැපයීම බව කියන්න පුළුවන්. ගිය වසරේ සියලු සම්මාන ලබාගත් "කන්දක් සේ මා" වැනි කෘතියකින් කරන්නේ ඒ හැර වෙන මොකක්‌ද?
මෙම තත්ත්වයට පිළියමක් තිබෙනවාද? තිබෙනවා නම් ඒ කුමක්‌ද? කියන එක ගැඹුරින් සලකා බැලිය යුතු වෙනවා. දැන් පැවැත්වෙන සැණකෙළි, රාජ්‍ය උත්සව මීට පිළියමක් නොවෙයි.
මීට වසර කිහිපයකට පෙර මම අබුද්දස්‌ස යුගයක් කියලා විචාර ග්‍රන්ථයක් ඉදිරිපත් කළා. එහිදී මා තැත් කළේ සිංහල නවකතාවේ පරිහානියට හේතුවත්, ඊට කළ යුතු පිළියම් පිළිබඳවත් සාකච්ඡා කිරීමයි.
එහිදී මම එක්‌තරා ප්‍රවාදයක් ඉදිරිපත් කළා. එම ප්‍රවාදය මගින්, මම සාහිත්‍ය කියන්නේ සමාජය සමඟ අත්‍යන්තයෙන් බැඳුණු උසස් දේශපාලන සංවාදයක් බව සඳහන් කළා. එහිදී මම දේශපාලනය කියන වචනය යොදා ගන්නේ ඉතාමත් පුළුල් අර්ථයෙන්. ඇරිස්‌ටෝටල් දීපු නිර්වචනයට අනුව මිනිසා යනු දේශපාලන සත්ත්වයෙක්. එම කෘතියේදී මම නිගමනය කළා ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළ දේශපාලන සංවාදයක් තිබෙන බව. සාහිත්‍ය කියන්නේ, එම සමාජය තුළ තිබෙන දේශපාලන සංවාදය මත්තෙහි එම සමාජයේ සිටින බුද්ධිමතුන් සාහිත්‍යකරුවන් ඇතුළු පිරිස විසින් ගොඩනඟන උසස් සංවාදයයි. මේ නයින් බලන කළ අපේ සාහිත්‍යයේ නවකතා නිසරු බොළඳ ප්‍රලාපයක් බවට පත් වීම ගැන අප පුදුම විය යුතු නැහැ. සමාජය තුළ බුද්ධිමත් දේශපාලන සංවාදයක් නොමැති නම් උත්තර සංවාදයක් කෙසේ බිහි විය හැකිද? උත්තර සංවාදයේ මාධ්‍ය වන සාහිත්‍යයක් කෙසේ බිහි විය හැකිද? එවැනි සමාජයක් තුළින් උසස් සාහිත්‍යයක් බලාපොරොත්තු වීම වඳ ගැහැනියකගෙන් දරුවකු බලාපොරොත්තු වනවා වැනි වැඩක්. අපේ සාහිත්‍යයේ, නවකතාව ඉදිරියට ගෙන යැමට, දියුණු කිරීමට හරවත් නවකතාවක් බිහි කර ගැනීම අපට අවශ්‍ය නම් මෙම කාරණය පැහැදිලිව තේරුම් ගත යුතුයි. එම තත්ත්වය වෙනත් වචනයකින් කියනවා නම්, අප ප්‍රථම කොටම කළ යුත්තේ, ප්‍රබුද්ධ දේශපාලන සංවාදයක් සමාජය තුළ ඇති කිරීමයි. මීට හොඳම උදාහරණය නම් නවකතාවේ ස්‌වර්ණමය අවස්‌ථාව වශයෙන් සැලකෙන රුසියන් නවකතාවයි. රුසියාව තුළ ටොල්ස්‌ටෝයි, මැක්‌සිම් ගෝර්කි වැනි ශේ්‍රෂ්ඨ නවකතාකරුවන් අතින් විශිෂ්ට නවකතා බිහි වූයේ, ඒ අවධියේ එම සමාජයේ තිබුණ ප්‍රබල දේශපාලන සංවාදය නිසයි. ඒ ප්‍රබල දේශපාලන සංවාදයේ උත්තර සංවාදය තමයි අපි එරට ශේ්‍රෂ්ඨ නවකතා තුළින් දැක ගන්නේ. අද බටහිර ලෝකය තුළත් බොරු නිසරු නවකතා බිහි වන්නේ මෙන්න මේ හේතුව නිසයි. මතවාදයේ පරිපාතයට ගිය බටහිර ලෝකය තුළ අද දේශපාලන සංවාදයක් දකින්න නැහැ. අද ඇති පශ්චාත් බටහිර සමාජය තුළ එදා තිබූ දේශපාලන සංවාදය දකින්න නැහැ. බර්ට්‍රම් රසල්ලා, සාන්රේලා ආදී වූ බුද්ධිමතුන්ගේ හඬ අද බටහිර ලෝකය තුළ නැහැ. එම නිසා තමයි සල්මන් රැෂ්ඩිලා වගේ බොරුකාරයන්ට මහා නවකතාකරුවන් ලෙස බටහිර ලෝකය තුළ වැජඹීමට හැකි වී තිබෙන්නේ.
එම නිසා සාහිත්‍යයේ දියුණුවත් ප්‍රාර්ථනා කරනවා නම් අප විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රබුද්ධ දේශපාලන සංවාදය බිහි කර ගැනීමට කටයුතු කිරීමයි.
මේ සඳහා සමහර විට නවකතාකරුවාට, සාහිත්‍යකරුවාට හුදු සාහිත්‍ය ක්‍ෂේත්‍රයෙන් බැහැරව ගොස් මෙම ව්‍යාපාරයේ යෙදෙන්න පුළුවන්. නවකතාවක් මෙම ව්‍යාපාරයේ කොටසක් බවට පත් කර ගන්න පුළුවන්. මෙන්න මේ මගින් පමණයි සාහිත්‍යයේ නියම දියුණුවක් ඇති කර ගන්න පුළුවන්. එය අද තිබෙන සැණකෙළි බහුරූ කෝළම් තුළින් කළ නොහැකි බව අප තේරුම් ගත යුතුයි.
සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය